Wednesday, May 19, 2010

මම මැරුණයි කියලා කවුද දුක් වෙන්න ඉන්නෙ..?

"""එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි ඉන්නවා. හෙට මම විතරයි. හෙටත් අනිද්දාටත් කවදාටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව, බොනව, වැඩට යනවා. කතාබහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි, ඔබ නෑ""".

සරච්චන්ද්‍ර මහත්තයාගේ මළවුන්ගේ අවුරුදු දා පොතේ අන්තිම පරිච්ඡේදයේ එන ඒ දෙබස මගේ ජීවිතයට හුඟාක් සමීපයි කියලා මට හිතෙනවා. ආදරය කියන්නේ පරිත්‍යාගයක්. ඒක තමයි මගේ විශ්වාසය. ඊට අනුරූපව මම කටයුතු කළා.

‘සතුට කියන දෙය ලබා ගන්න විවිධ ක්‍රම තියෙනවා. විරහව හරහා වින්දනයක්, සතුටක් ලබන අයත් ඉන්නවා. මාත් වැටෙන්නේ ඒ ගොඩටද මම දන්නේ නැහැ. ඒත් මට විරහව හුරුයි. විරහව ජීවිතයට බද්ධයි. අරවින්ද, දෙවොන්දරා සං වගේ පරාජිත චරිතවලට මම ආදරෙයි’.

"""මම මැරුණයි කියලා කවුද
ඔය හැටි දුක් වෙන්න ඉන්නෙ?
පිටි පස්සේ කඳු ගැටයේ
රැහයියො නම් ඔහෙ හඬාවි

මගේ හුස්ම ගිය දාකට
පාර අයිනෙ වළ දමාවි
යන එන අය සොහොන උඩට
මලක් වීසි කරල යාවි"""

ඒ කවි පද එන්නේ සරච්චන්ද්‍ර සූරීන්ගේ මළගිය ඇත්තෝ පොතේ.

ඒ නිසා අවංක මනුස්සයෙක් හැටියට ජීවත්වෙන්න,
පුළුවන් ආකාරයට හැමෝටම උපකාර කරන්න,
ආදරයට ආදරය කරන්න.....

No comments:

Post a Comment