Saturday, September 1, 2012

මා අතැර ගියදා....




පතන්නට කිසිවක් නොමැතිවුදා මා ඔබව පැතුවෙමි...... ඔබ මා අතැර ගියදා පතන්නට කිසිවක් මා හට නොමැතිවිණි..... එදා මා ආදරය කළ මට ආදරය කළ ඔබ මුණගැසුනු විට මා තුටින් සිනාසුනෙමි..... එහෙත් අද මා ආදරය කරන මට ආදරය නොකරන ඔබ වන් අන්සතු වස්තුවක් වු ඔබ දුටුවිට පෙර මෙන් සිනාසීමට මට නොහැක..... ඔබ සිතාවි මා ආඩම්බරයි කියලා..... ඔයාව රිදවන්න හදනවා කියලා..... නැහැ..... කවදාවත්ම නැහැ..... මන්ද..... අප කරන සිත් රිදවීම්වලින් රිදෙන්නේ අපට සැබෑවටම ආදරය කළ අයෙකුට පමණක් නිසාය...... ඔබට රිදේවියැයි මා කිසිදා නොසිතමි...... ඔබේ සතුට ළඟ මා සැමදා සතුටුවෙමි..... 

නමුත්... මතුයම් දිනෙක මෙමා නිසලව පොලොව මත සැතපෙන විටදී...... සෙනෙහසින් මා කරා පියමැන මේ දෙය කනට ළංව කියනු මැනවි...... "මේ ලොව ඔබ හට වඩාම..... බැදී ජීවිතය කැපකල හදවත හිමි මා හට බව......"



No comments:

Post a Comment