Tuesday, October 23, 2012

මං වෙනුවෙන් ඔබ නොහඩන බව මා දනිමි..... ඔබ වෙනුවෙන් හැමදාමත් මම අඩමි.... කෙදිනක වත් මුණ නොගැසුනත්.... පෙනෙන දුරින් නවතින්න.... :'(
අපි ආදරය කරන්න ඕන අපේ ආදරය කරදරයක් විදියට හිතන අයෙකුට නෙමෙයි...... ‍අපේ ආදරයට අපිටත් වඩා ආදරය කරන කෙනෙකුට.....

A person who truly loves you , is someone who sees the pain in your eyes.... While everyone else believes in the smile on your face.... ♥
සෑම කෙනෙක්ම ඔබගේ මුහුණේ දිස්වන සිනහව විශ්වාස කරද්දී, ඔබට සැබවින්ම ආදරය කරන පුද්ගලයා, ඔබගේ දෑසේ සැගව ඇති දුක සහ කදුල දකියි...

Remember, you're braver than you believe, stronger than you seem, and smarter than you think..... ♥
මතක තබාගන්න, ඔබ විශ්වාස කරනවාට වඩා ඔබ හරිම නැණවත්... මතුපිටින් පෙනෙනවාට වඩා ශක්තිමත්... ඒ වගේම ඔබ හිතනවාටත් වඩා ඔබ ගොඩක් කඩිසරයි.....

අතීතයේ සිදුවූ හිත් රිදවීම් සියල්ල අමතක කරන්න... නමුත් එම හිත් රිදවීම් වලින් ඔබ උගත් පාඩම් කවදාවත් අමතක කරන්න එපා...
Forget what you hurt in the past.... But never forget what it taught you...

Never Trust someone who Lies to you.... Never Lie someone who Trust you..... ♥
ඔබට බොරැ කියන කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන්න එපා.... ඒ වගේම, ඔබව විශ්වාස කරන කෙනෙක්ට කවදාවත් බොරැ කියන්න එපා...

ශක්තිමත් වෙන්න, එවිට කිසිම කෙනෙකුට හැකි වන්නේ නෑ අපේ මනසේ නිදහස නැති කරන්න.... ♥
To be strong that nothing can disturb our peace of mind.... ♥
ඔබට අවශ්‍යය සෑම දෙයක්ම ඔබේ ජීවිතයට ලබා දෙන්න කවදාවත් බ‍ය වෙන්න එපා....
තමන් ආදරය කරන අය එක්ක ඉන්න ලැබෙන අවස්ථාවන් නැති කර ගන්න එපා.... මොකද මේ ගෙවෙන කාලය නැවත ලබා ගන්න බෑ..... 
වරදට සමාව ඉල්ලීමකදී ප්‍රධාන කරැණු 3ක් අන්තර්ගත වේ.....

1- මට සමාවෙන්න...
2- ඒක මගේ වැරැද්දක්...
3- ඒ වැරැද්ද නිවැරදි කරගන්න මම මොනවද කරන්න ඕනා....???

නමුත් බොහෝ පුද්ගලයන් සමාව ගැනීමේදී තෙවැනි කරැණ අමතක කරනු ලබයි..... ♥
බලාපොරොත්තු සේරම නැති වුණාට පස්සේ, මම මගේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් තියාගෙන නෑ.... බලාපොරොත්තු වුණත් මම බලාපොරොත්තු වෙන්නේ, මගේ සතුට විතරයි...
ආදරේ නම් ආදරේ බව පෙන්වන්න..... ඉටු කළ නොහැකි නම් පොරොන්දු නොවී ඉන්න.... කඩ කරනවා නම් බලාපොරොත්තු නොදී ඉන්න.... හැර යනවා නම් හදවතට මේ තරම් ලං නොවී ඉන්න...
විශ්වාසය, මිතුදම, බැදීම, පොරොන්දු සහ හදවත යන අවස්ථා 05 කිසිවිටෙකත් නොබිදින්න.... ඒවා බිදුණු පසු කිසිදු හඩක් නොනැගුවද, සියල්ලටම වඩා රිදෙනු ඇත.... ♥
හැම වෙලාවකම අපේ දුකකදී , කරදරයකදී අපේ ළග ඉදලා, වචනයකින් හරි අපේ ප්‍රශ්න විසදන්න උදවු කල, අපෙන් ඈත්වුණ පුද්ගලයන්ගේ වටිනාකම අපිට හොදින් දැනෙන්නේ...... අපිට දුකක් කරදරයක් වුණ වෙලාවක අපිට වචනයකින් වත් උදවු කරන්න කවුරැත් නැති වුණාම තමයි....
බො‍හෝ පුද්ගලයන්ට ආදරේ කියන්නේ මොකද්ද කියල තේරුමක් නැහැ..... ගොඩක් මිනිස්සු තමන්ගේ කසාද බදින වයස ආවම කව්රු හරි හොයාගෙන විවාහ ‍වෙනවා.... 

කොල්ලෙක්නම් ඒ ගැහැණු ළමයා කොච්චර ලස්සනද බලනවා.... කෙල්ලෙක්නම් ඒ කොල්ල කොච්චර සල්ලිකාරයෙක්ද බලනවා.... කීයෙන් කී දෙනාද අවංකව ආදරේ කරලා එකිනෙකාව තෙරුම් අරන් කසාද බදින්නේ... 

කරුණාකරලා ලස්සනටවත්, සල්ලිවලටවත් ආදරේ කරන්න එපා....... එකෙන් උරුම වෙන්නේ දුක විතරමයි...... 
හොද පුතෙක් වුන කෙනෙක්,.... හොද ආදරවන්තයෙක් වේවි.... හොද දුවෙක් වුන කෙනෙක්.... හොද ආදරවන්තියක් වේවි...... හොද දුවෙක්,හොද පුතෙක් එකතු වෙලා හැදෙන පවුල..... ආදරයෙන් පිරිල ඉතිරිලා යාවි.......

මං තරම් ජීවිතේ ගැන කලකිරුණු කෙනෙක්....මට වගේ ජීවිතේ එපා වුණු කෙනෙක්.... හිතින් විදවන කෙනෙක්....තව කොහේවත් ඉදීද මන්දා....
ඒත්........
මම තරම් ලොකේට පේන්න හිනාවෙන කෙනෙක්...තව නෑ කියන එකනම් මම හොදටම දන්නවා...ඒත් මම හිනාවෙන වෙලාවට කවුරැත් හිතන්නෙ නෑ....මම දුකින් ඉන්නෙ කියලා.....මම කැමති කාටවත් නොපෙනෙන්න අඩන්න.....මම වගේම මට මුණගැහෙන ඔබටත් මම කියන්නේ...
අඩන්න කාටවත් නොපෙනෙන්න...ඒත් හිනා වෙන්න,මුළු ලෝකයටම පේන්න...
කිසිවෙකුගේ හැගීම් සමග සෙල්ලම් කරන්න එපා...... ඉන් ඔබ ඔහු හෝ ඇය සමග ඇති කර ගන්න තරගයෙන් ජය ගනීවි.... නමුත්, ඔබ එම පුද්ගලයාව ජීවිත කාලය පුරාම අහිමි කර ගනීවි....
ඔයා මට ආදරේ කරනකොට මම ඔයාට ආදරේ නෑ....... මම ඔයාට ආදරේ කරනකොට ඔයා මට ආදරේ නෑ...... :(
අපේ හිතට තදින්ම දැනුන කෙනෙක්ව අමතක කරනවා කියන්නේ හුගක් අමාරු දෙයක්..... ඒ දේ අමතක කරනවා කියලා සිතන වාරයක් වාරයක් පාසා, නැවත නැවතත් එය අපේ මතකයේම රැදෙනවා.... 

බොහොමයක්‌ ආදරවන්තයන් සර්ව සම්පූර්ණ වූ සුන්දර ආදරයක්‌ හැම විටම බලාපොරොත්තු වෙනවා.... දෙදෙනාගේම අදහස්‌, සිතුම් පැතුම් හරියටම ගැලපෙන්න ඕන කියලත් හිතනවා..... නමුත් ආදරයේ යථාර්ථය එය නොවේ.....
සිත බලාපොරොත්තු වන පරිද්දෙන් සියයට සියයක්‌ම අනිත් කෙනාගෙන් ආදරය බලාපොරොත්තු වෙන්න එපා..... හිමි වූ ආදරය අවබෝධයෙන් තව තවත් ශක්‌තිමත් බැඳීමක්‌ බවට පරිවර්තනය කරගන්න උත්සාහ ගන්න, එවිට ඔබේ සිත බලාපොරොත්තු වන සියයට සියයක්‌ම ආදරය ඔබට හිමි වනු ඇත..... ♥ 


ඔබ ආදරයෙන් ජය ලැබුවොත්     - ඔබ ඔබේ ජීවිතය ජය ගනු ඇත.......
ආදරයෙන් පැරදුනහොත්  - ඔබ මුලු ලොවම ජය ගනු ඇත...... ♥


අපේ ජීවිතයේදී අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් තියේවිද , නැද්ද කියන එක රඳා පවතින්නේ අපි ඒ දෙස බලන ආකාරය අනුවයි. අපි අපේ සම්පූර්ණ ධෛර්යය යොදවල අපේ හදවත ''හරි'' කියන දේ නොකෙරුවොත් යම් දවසක අපි ඒ දේ නොකිරීම ගැන පසුතැවෙන්න සිදු වේවි.....

ඕනෑම අයෙකුට ''මම ඔයාට ආදරෙයි'' යන්න පැවසිය හැක.... නමුත් එය හදවතින් නොපවසයි.... එම නිසා යම් පුද්ගලයෙකු ඔබට ''ආදරෙයි'' යන්න පැවසූ විට නොව, යම් පුද්ගලයෙකුගෙන් ඔබට 'ආදරය දැනෙනා විට' පමණක් විශ්වාස කරන්න.... ♥

Monday, October 22, 2012

සිත් රිදවීම්.....


අප කරන සිත් රිදවීම් වලින් රිදෙන්නේ අපට සැබෑවටම ආදරය කළ අයෙකුට පමණකි.... ඔබට රිදේවි යැයි මා කිසිදා නොසිතමි.... ඔබේ සතුට ළඟ මා සැමදා සතුටුවෙමි..... නමුත්, මතුයම් දිනෙක මෙමා නිසලව පොලොව මත සැතපෙන විටදී...... සෙනෙහසින් මා කරා පියමැන මේ දෙය කනට ළංව කියනු මැනවි.."මේ ලොව ඔබ හට වඩාම පෙම් බැදී, ඔබහට  ජීවිතය කැපකල, ඔබට පමණක්ම ආදරය කළ හදවත හිමි මා හට බව......"

I've Learned.....

As I've grown, I've learned several things. Life is full of disappointments & people you trusted will sooner or later let you down. I've learned that often those you love will love someone else & there's only one way to fall; fast & hard. I've learned that out of thousands of smiles, it takes one to touch your heart. I've found that words can be deceiving, but the truth always lies in a person's eyes.

I've learned that everything can change in the blink of an eye & tears often come without invitation. I've learned crying can make us stronger & there is never too much love to go around. I've learned that prejudice helps no one & that weapons don't hurt people, people hurt people.

I've learned sticks & stones may leave cuts and bruises but harsh words leave scars. I've found that every time you give someone a piece of your heart, it's a piece that you will never get back. I've learned the past is meant to be put behind us & we can't dwell on regrets, for what's done is done.

I've learned that trusting yourself is the first step & that forgiving is remembering that helps your own heart more then theirs. I've found that family isn't always blood & everyone is someone's hero. I've learned life is unexpected & that God can do anything.

I've learned some things aren't meant to be understood & that only time heals. I've found that imagination is our greatest gift & that we are meant to dream for a reason.

I've learned it is never too late to fall in love & that being "beautiful" is all on the inside. Mistakes are our best teachers & everything happens for a reason. Only then can you live life to it's full & true potential.

මගේ ආදරය



සමහර විට මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබේවි, ඒත් මං තරම් ඔයාට ආදරය කරන කෙනෙක් නම් නොලැබේවී..... ඔයා එදාට මගේ හිත තේරුම් ගනීවී..... අවාසනාවකට එදාට ඔයාව සනසන්නවත් මම නැතිව ඉදීවී.....

වැස්ස


මේක නම් වැස්සක් නෙවේ... එලියට එන වෙලාවට තමා හෙණ ගහ ගහ වහින්නේ....ලෝක විනාස වෙන්න කලින් අකුණක් ගහල ඉවර වෙයි වගේ.... :D වැස්ස නැති වුණාමත් එපා වෙනවා... වැස්ස වැඩි වුණත් කරදරයි..... :/ 

ll ජීවිතය ll


ජීවිතය යනු ලැබුනු හොඳ අවස්ථාවකි, ඉන් වැඩක් ගන්න.... 
ජීවිතය ලස්සනයි, එයට සලකන්න.... 
ජීවිතය යනු සිහිනයකි, එය සැබෑ කරගන්න... 
ජීවිතය යනු අභියෝගයකි, එයට මුහුණ දෙන්න... 
ජීවිතය යනු රාජකාරියකි, එය ඉටු කරන්න... 
ජීවිතය යනු ක්රීඩාවකි, එය සෙල්ලම් කරන්න... 
ජීවිතය යනු පොරොන්දුවකි, එය ඉෂ්ඨ කරන්න... 
ජීවිතය දුකයි, එය  පරදවන්න... 
ජීවිතය යනු ගීතයකි, ගායනා කරන්න... 
ජීවිතය යනු ඛේදවාචකයකි, එයට මුහුණ දෙන්න... 
ජීවිතය යනු අවදානමකි, එයට අභියෝග කරන්න... 
ජීවිතය යනු වාසනාවකි, එය ලබා ගන්න... 
ජීවිතය යනු මහා අනර්ඝ වස්තුවකි, එය විනාශ නොකරන්න... 
ජීවිතය යනු ජීවිතයි, ඒ වෙනුවෙන් සටන් කරන්න...