Saturday, January 4, 2014

විවාහය...



මෙලොව මිනිසුන් ගැහැණුන් විවාහ වී සිටින්නේ තමන් වැඩිපුරම කමැත්තක් දැක්වූ පිරිමියා හෝ ගැහැණිය සමගද ??

එක්තරා සරසවියක සිසු සිසුවියන් කණ්ඩාමක් මේ පැණය ඇසුවේ වැඩිහිටි මහාචාර්ය වරයකුගෙන්....

මදක් කල්පනා කල ඔහු සිසු සිසුවියන් අමතා මෙහෙම කිව්ව...


හොදයි ඔබලා අහපු ප්‍රශ්නෙට උත්තරේ මං ප්‍රායෝගිකවම දෙන්නම් කො.. අර ඈතින් පේන ඉරිගු යායට දැන් ඔබ සියලු දෙනාම ඇතුල් වන්න.එහිදී ඔබට හමුවන හොදම ඉරිගු කරල කඩන් එන්න..


මහාචාරය වරයාගේ ප්‍රකාශයෙන් පසු සිසු සිසුවියන් තරගයට මෙන් ඉරිගු යායට ඇතුඵ වී හොදම ඉරිගු කරල් තෝරන්නට පටන් ගත්තා...


බොහෝ දෙනෙක් තමන්ට හමුවූ හොද ඉරිගු කරල් දෙස බලාහිද මදක් කල්පනා කර මීට වඩා හොද කරල් ඉදිරියෙදි හමුවනු ඇතැයි අපේක්ෂාවේ ඉදිරියටම ගියා...
තවත් සමහරැ තමන්ට හමුවුණු පළමු හොදම ඉරිගු කරල කඩා ගත්තා..
තවත් සමහරැ අන් කෙනෙක් මුලින් කඩා ගැනීමට ගොස් පසුව අත් හැර දැමු ඉරිගු කරල් කඩා ගත්තා..
මුලින් මුණ ගැසුණු හොදම ඉරිගු කරල් අත් හැර දැමූ සමහරැ බොහෝ දුරක් ගොස් හති වැටී අර තමන් අත් හැර දැමූ ඉරිගු තරල් සොයා එද්දී එවා වෙන අය විසින් කඩාගෙන ගොස් තිබෙනු දැක දුක් වී ඊළගට අසුවූ කුමක් හෝ ඉරිගු කරලක් කඩා ගත්තා..
එහෙමත් කෙනෙක් වෙනුවෙන් තමා අතහැර දමා ගිය ඉරිගු කරල් ආපසු එද්දී ඒ විදියටම මුණ ගැසුනේ පෙර පිනකට වගේ..

අන්තිමට සිසු සිසුවියන් 100 ම පන්තිට ආවේ ඉරිගු කරල් අතැතිව.. 

මහාචාර්ය වරයා කටහඩ අවදි කලා..

දැන් ළමයි අවංකව කියන්න ඔබ ඔබ අතේ තියෙන්නෙ අර ඉරිගු යායෙදි ඔබට හමුවූ හොදම ඉරිගු කරලද ???


කීප දෙනෙක් උත්තර දුන්නා.. නෑ සර් මට මුළදි හොද ඉරිගු කරළක් හමුවුනා.. ඊට වඩා හොද ඒවා ඇති කියල හිතල ඉදිරියට ගිහින ආයෙ එද්දි අරය ඒ කරල කඩාගෙන..
සමහරැ කදුඵ පිරි දෙනෙතින් එහෙම කිව්වා..... නෑ සර් ඉස්සෙල්ලම මම දැක්ක හොදම කරල නිසා මං කඩා ගත්තා..
පස්සෙ දැක්කෙ සර් ඊට වඩා හොද කරල් තියෙනවා කියලා.. දැන් දුකයි .. ඒත් මොනවා කරන්නද .....
ගොඩ දෙනෙක් කීවෙ දුකින්..... වැඩිපුරම තිබුනෙ ඒ උත්තරේ.. 


මට හම්බ වුනේ මං දැක්ක හොදම ඉරිගු කරල සර්...

එහෙම කිව්වෙ 100 න් දෙතුන් දෙනෙක් විතරයි .. බලන්න ඔබ මේ අතරින් මොන කොටසෙද... ඔබ තෝර ගෙන තියෙන්නෙ හොදම ඉරිගු කරලද..

ඔබ අත් ඇර දැමූ හොදම ඉරැගු කරල වෙන කෙනෙක් නෙළා ගෙනද.. නැත්නම් ඔබ තවමත් ඉරිගු යායේ සැරි සරනවද ??


උපුටා ගැනීමකි...

A REAL BOYFRIEND ! GIRLS, Read it - Share It ♥ !

Don’t care if you have a boyfriend or girlfriend right now. I don’t care if you are a guy or a woman .Just read this, it will make a difference. If only everyone could see this and understand it. ♥ ♥ ♥


When she stares at your mouth, Kiss her ♥

When she pushes you or hits you like a dummy cause she thinks shes stronger than you...
Grab her and don’t let go ♥

When she starts cursing at you trying to act all tough...
Kiss her and tell her you love her ♥

When she’s quiet, Ask her whats wrong ♥

When she ignores you, Give her your attention ♥

When you see her at her worst, Tell her she’s beautiful♥

When you see her start crying, Just hold her and don’t say a word ♥

When you see her walking, Sneak up and hug her waist from behind ♥

When she steals your favorite hoodie, Let her keep it and sleep with it for a night ♥

When she doesn't answer for a long time, reassure her that everything is okay ♥

When she bumps into you;bump into her back and make her laugh ♥

When she tells you a secret, keep it safe and untold ♥

When she looks at you in your eyes
don't look away until she does

When she says it’s over she still wants you to be hers

When she reposts this bulletin she wants you to read it ♥

|LIKE ♥ SHARE ♥ COMMENT ♥|





කාර්ය බහුලත්වය අතරේ මේ ගැනත් සැලකිලිමත් වෙන්න...




1. දුරකථනය භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න

2. ඔබ කෝපි බොන්න ආස උනත්, දවසකට එකවරකට වඩා කෝපි බීම එච්චරම හොඳ නැහැ

3. බෙහෙත් පෙති ගනිද්දි ශීත වතුර එපා

4. හවස 5න් පස්සේ බර ආහාර ගන්න එකනම් ඒ තරම් හොඳ මදි

5. තෙල් සහිත ආහාර වලට කොච්චර ආස උනත් ඒක ඇඟට එච්චර හොඳ නැහැ කියල අපි හැමෝම දන්නවනේ ?

6. පිරිසිදු වතුර බීම නම් කොහොමත් ඇඟට හොඳයි, ඒත් වැඩිපුර වතුර බොන්න අවශ්‍ය වෙන්නේ උදේ කාලේ, රාත්‍රී කාලයට නම් ටිකක් අඩුවෙන් වතුර බොන්න

7. ජංගම දුරකතන ආරෝපකයන් (hand phone chargers) නම් අතේ දුරට වැඩි දුරකින් තියාගන්න

8. ear phone හරි head phone හරි ඒතරම් වෙලා භාවිතා කරන එකනම් ඇඟට ගුණ මදි

9. නිදා ගන්න හොඳම කාලය රාත්‍රී 10 ඉඳන් උදෑසන 6 වෙනකම්..

10. ඒත් ඔබ රාතියට බෙහෙත් බොනවා නම්, බෙහෙත් බීපු ගමන්ම නින්දට යන්න එපා

11. මේකනම් ඉතාම වැදගත්..! ඔබේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කොටස දක්වා බැහැලා නම්, දුරකථනයට කොහෙත්ම පිළිතුරු දෙන්න යන්න එපා. එවැනි අවස්ථාවක දුරකථනයෙන් නිකුත් වන විකිරණ තත්වය අනික් අවස්ථාවන්ට වඩා 1000 ගුණයකින් වැඩියි...!

ජීවිතය දැකීම....



අපිට තියෙනකොට නැති යාළුවෝ ඇති වෙනවා..
නිතරම කෝල් කරනවා..
නැති නෑදෑයෝ දුක සැප බලන්න එනවා.. 
ඕන තරම් අය ණයට දෙන්න ඉන්නවා..
ගමන් බිමන් ආරාධනා එනවා..
පාරට බැස්සත් ඕන කෙනෙක් හිනාවෙලා කතා කරනවා..
යාලුවෝනම් කෙලින්ම අහනවා ,
උබලට අපිව මතක නෑනේ කියලා..
ලොකු ලොකු මිනිස්සු ආශ්‍රය කරන්නේ ..
ඕන්න ඔහොම ..
ආදරේ කරන කෙනාත් එක දිගට මැසේජ් කෝල් දෙනවා..
එයා තරම් කවුරුත් ආදරේ නැහැයි කියලත් කියනවා..
ඔය අතර ඉන්නවා.
නරක වැඩ කරද්දි එපා කියන,
හැමතිස්සෙම උපදෙස් දෙන යාලුවෙක් දෙන්නෙක් ,
ටිකක් ලගින් ආශ්‍රය කරන වැඩිහිටියෙක්, එහෙම අයත් ඉන්නවා..
ඕන්න ඔහොම කාලයක් යද්දි,
ආතල් එකේ බැහැපු පල්ලම ඉවරයි..
ආයෙත් කන්ද නගින තැනට ඇවිල්ලා..
ඒ කිව්වේ සල්ලි ඉවරවෙලා,,
නිලතල නැතිවීගෙන එනවා..
ඕනම කෙනෙක්ගේ හොද වගේම නරක කාලෙකුත් තියෙනවා..
ඒ නරක කාලෙට, අර මුලින් කිව්ව අය..
එකින් එක ගැලවෙනවා ...
ඕන නැති වෙලාවේ මිල මුදල් දෙන්න හදපු අය ලග,
ඉල්ලුවත් සතේ නැතිවෙනවා..
පාරේ දැක්කත් අහක බලනවා..
ඔය අතරේ කතා හැදෙනවා,
සමාජේ කොන් වෙනවා නිකම්ම..
ඒත් අර උපදෙස් දීපු යාලුවෙක් වැඩිහිටියෙක් ඇරෙන්න,
කිසිම කෙනෙක් ලග ඉතුරු වෙන්නේ නෑ..
එයාලා මොන දේ උනත් ලගින් ඉන්නවා..
කවුරු අයින් කලත්, ඒ අය හැමදාම ලගින් ඉන්නවා..
ආදරේ කරපු අයත්, ඒ වෙද්දි, නොයෙක් ප්‍රශ්න දාලා යන්න ගිහින්..
අඩුම මැසේජ් එකකට උත්තරයක් වත් එවන්නේ නැති තරම්,
ඒ අයත් ඈත් වෙලා ගිහින්..
ඕනම කෙනෙක් ලගින් ඉන්නේ,
අපිට යමක් කමක් තියෙනකම් විතරයි..
ඊට පස්සේ ඒ අයට අපෙන් වැඩක් නෑ..
තමන්ගේ වැඩ කරගන්නකම්,
ලගින් ඉන්නවා..
ඊට පස්සේ මතකයක් පමනයි ඉතුරු වෙන්නේ....