Wednesday, June 22, 2016

විවාහයේ යතාර්තය

කෙල්ලෙක් කසාද බදින්න ඕන. ඒ කෙල්ල එක්ක බුදිය ගන්නවත්,ඒ කෙල්ල දාව දරුවෙක් හදා ගන්නවත්,ඒ කෙල්ලට කියල ගෙදර දොර වැඩපල කර ගන්නවත්,ඒ කෙල්ලට කියලා උයා පිහා ගෙන රෙදි ටික හොද ගන්නවත්, පාලුව මකා ගන්න විතරක් නෙවි. 





දවසක ඒකිට වැඩක් පලක් කර ගන්න බැරි වුනාම හරි පිරිමියෙක් නම් ගෙදර දොර හැම වැඩ කල යුතුයි.ඒකීට පුලුවන් නම් ගේ දොර හැම වැඩක්ම කරන්න.ඇයි පිරිමින්ට බැරි ඒකිට බැරි වෙලාවකටවත් උදව් කරන්න. අඩු තරමේ ලෙඩක් දුකක් හැදුනු වෙලාවටවත් ඒකීව ආදරේන් පරිස්සම් කරන්න බැරි නම් වැඩක් නෑ... හැම කෙල්ලෙක්ගෙම හිතේ ලස්සන හීන තියනවා. පිරිමි තේරුම් ගන්න ඕන ඒ හීන.. ඒ හිත්.පුලුවන් නම් ඒකිට අසනීපයක් උන වේලාවට හරි ඒ කෙල්ල ලඟ ඉදන්. ගෙදර දොර වැඩ ටික කරල දීලා පිළිවලකට තිබ්බොත් මම හිතන්නෙ පිරිමිකමෙන් අඩුවක් වෙන්නෙ නෑ... ඒකී මහ ගොඩක් ආදරය කරාවි  මහත්වරුණි . 
'' මම හිතන්නෙ මහත්වරුණි ගෑණියෙක් එක්ක බුදියනම එක නෙවි කසාද ජිවිතේ.ඒකිව ආදරේන් පරිස්සම් කරන එකයි ජිවිතේ "