Posts

Showing posts from 2013

ඔබත් ඔබේ පෙම්වතාත් අතර ඇත්තේ සැබෑම ආදරයක්ද ?

Image
ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමේ දී වගේම විවාහයක් කර ගැනීමේදීත් අප විවිධ කරුණු ගැන සොයා බලනවා. බාහිර පෙනුම, දෙදෙනාගේ අදහස් හා රුචි අරුචිකම්, ආදායම් මාර්ග වැනි කරුණු මේ අතරින් ප්‍රධානයි. මෙහිදී අදහස් හා රුචි අරුචිකම් ගැලපිය යුතුයි කියන මතය නම් නිවැරදි එකක් නොවෙයි. පුද්ගලයන් දෙදෙනකුගේ අදහස් එකිනෙකට ගැළපෙන්නෙ නැහැ. එහෙම ගැළපෙනවා නම් ඒ ජීවිතේ රසවත් වෙන්නෙත් නෑ. කොහොම වුණත් විවාහයකදී ඔය කරුණු සියල්ලටම වඩා සැලකිල්ලට ගත යුතු කාරණයක් තිඛෙනවා. ඒ තමයි ආදර සම්බන්ධතාවයකින් විවාහ වෙනව නම් අපි දෙන්නා ඇත්තටම ආදරෙයිද?” කියන කාරණාව සහ යෝජිත විවාහයක් නම් ‘අපි දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙමින් තිඛෙනවාද’ කියන කාරණය. ආදරය කියලා බොහෝ දෙනෙක් වටහා ගෙන ඉන්නෙ අයිති කර ගැනීම යි. නමුත් ආදරය  සහ අයිති කර ගැනීම අතර ලොකු වෙනසක් තියනවා. ආදරය කියන්නෙ මානසික සුව සහනය ඇති කරවන හැගීමක් අයිති කර ගැනීම කියන්නෙ මනසට පීඩා ඇති කරවන කාරණයක්. අයිති කර ගැනීම කියන්නෙ මොකක්ද? අපි සාමාන්‍යයෙන් අයිති කර ගන්නේ භාණ්ඩයි. ඒ අනුව ඇඳුම් පැළඳුම් ගෙදරට වුවමනා කරන විවිධාකාරයේ භාණ්ඩ, මෝටර් රථයක් මේ ආදී වශය...

සුරාව හා මානය

Image
සමහරක් අපේ සිංහල බෞද්ධයින්ට මානමදය වැළඳී ඇත ...... ලෝකයේ පුද්ගලයන් මත්වන ආකාර දෙකකි. එනම් සුරාව හා මානය වශයෙනි. මෙයින් සුරාව නිසා ඇතිවන මත් බව හෙවත් මදය කෙටිකාලීන වේ. එහෙත් යමෙකු මානය නිසා මත්වුවහොත් ජීවිත කාලය පුරාවට පැවතිය හැක. සත්වයනට මානය නිසා ඇති වනුයේ මෙලොව පිරිහීම, පරලොව පිරිහීම හා මරණින් පසු අපාගතවීම පමණි. මොනයම් හෝ කාරණයක් නිසා මත්වීම ,උඩඟුවීම බුදු දහමට අනුව මානමදය ලෙස විස්තර වේ. එක් අ තකින් එය චිත්තෝපක්ලේෂ ධර්මතාවයකි.තවත් පැත්තකින් වඤ්චක ධර්මයකි. එක්දහස් පන්සියයක් වූ ක්ලේෂ ධර්ම අතර “මානය” එකකි. යමෙකු මානය නිසා මත් වුවහොත් ඔහුට වැරැද්ද නිවැරැද්ද අවබෝධ නොවේ. වනයෙහි යන අන්ධ ඇතෙකු සේ බොහෝ පිරිස් සමඟ අහේතුකව ගැටේ. තමාගේ තරම නොදැන ක්‍රියා කරන්නා කෙතරම් උත්සාහවත් පුද්ගලයෙක් වුවද විනාශයට පත්වීම වැළැක්විය නොහැක. මානය උමතුවක් හෙවත් පිස්සුවක් ලෙස අටුවාචාරින් වහන්සේ හඳුන්වා ඇත්තේ ද එහෙයිනි. අභිධර්ම පිඨකයේ විභංග ප්‍රකරණයෙහි මද 27 ක් දක්වා ඇත. එය මෙසේය. ජාති මදෝ:– මගේ ජාතිය ශ්‍රේෂ්ඨ අතර අන්‍ය ජාති පහත්ය මම උතුම් ජාතිකයෙකි. ආදි වශයෙන් ඇතිවන මත් බව මෙයින් අදහස් වේ. ගොත්ත මදෝ :- තමා අයත...

මානසික ආතතිය (Mental Stress & Tension)නිහඬ මාරයෙකි

Image
මානසික ආතතිය (Mental Stress)මෙය නූතන සමාජයේ දෛනික ජීවිතයේම එක්තරා අංගයක් ලෙස හැඳින්වීමද වරදක් නැත. එදිනෙදා ජීවිතය තුළදී අප විවිධ හේතූන්ගෙන් සුලබව මානසික ආතතියට පත් වේ. උදාහරණ ලෙස අධ්‍යාපනය, පේ‍්‍රමය, රැකියාව, විවාහය, මහලූ විය, යන අවධීන් දැක්විය හැකිය. මේ ආකාරයෙන් සැලකූ විට මා මුලින් සඳහන් කල ආකාරයට මානසික ආතතිය අපගේ ජීවිතය හා බද්ධව පවතින තත්වය කි. අද අප සියළු දෙනාට ජීවත් වීමට සිදුවී ඇත්තේ බොහෝ තරඟකාරී මෙන්ම කලබලකාරී පරිසරයක් තුළය. මෙය විශේෂයෙන්ම මානසික ආතතිය ඇතිවීමට බලපාන ප‍්‍රධාන සාධකයකි. ඔබ ජීවත්වන හෝ රැකියාව කරන පරිසරය තුළ නිරන්තරයෙන් මානසික ආතතිය ඇති කරවන සාධක පවතී ද? ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. එසේම මානසික ආතතියෙන් මිදීමට ඔබ අනුගමනය කරන ක‍්‍රම පිළිබඳවද සැලකිළිමත් වන්න. එය ඔබ ඉන් මිදීමට තබනා මූලික පියවර වේ. මෙම විවිධ හේතූන් නිසා මිනිසුන් මානසික ආතතියට පත්වීම අපට නොසලකා හැරීමට නොහැකිය. ඊට හේතුව මෙම තත්වය දිගුකාලීනව පැවතීම තුළින් මිනිසුන් විවිධ කායික හා මානසික රෝග වලට පමණක් නොව විවිධ ආබාධ වලටද ගොදුරු විය හැකි වීමයි. මානසික ආතතිය නිසා බහුලව හටගන්නා කායික රෝග අතර අධි රුධිර පීඩනය, ද...