මානසික ආතතිය (Mental Stress & Tension)නිහඬ මාරයෙකි
මානසික ආතතිය (Mental Stress)මෙය නූතන සමාජයේ දෛනික ජීවිතයේම එක්තරා අංගයක් ලෙස හැඳින්වීමද වරදක් නැත. එදිනෙදා ජීවිතය තුළදී අප විවිධ හේතූන්ගෙන් සුලබව මානසික ආතතියට පත් වේ. උදාහරණ ලෙස අධ්‍යාපනය, පේ‍්‍රමය, රැකියාව, විවාහය, මහලූ විය, යන අවධීන් දැක්විය හැකිය. මේ ආකාරයෙන් සැලකූ විට මා මුලින් සඳහන් කල ආකාරයට මානසික ආතතිය අපගේ ජීවිතය හා බද්ධව පවතින තත්වය කි. අද අප සියළු දෙනාට ජීවත් වීමට සිදුවී ඇත්තේ බොහෝ තරඟකාරී මෙන්ම කලබලකාරී පරිසරයක් තුළය. මෙය විශේෂයෙන්ම මානසික ආතතිය ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකයකි. ඔබ ජීවත්වන හෝ රැකියාව කරන පරිසරය තුළ නිරන්තරයෙන් මානසික ආතතිය ඇති කරවන සාධක පවතී ද? ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. එසේම මානසික ආතතියෙන් මිදීමට ඔබ අනුගමනය කරන ක්‍රම පිළිබඳවද සැලකිළිමත් වන්න. එය ඔබ ඉන් මිදීමට තබනා මූලික පියවර වේ. මෙම විවිධ හේතූන් නිසා මිනිසුන් මානසික ආතතියට පත්වීම අපට නොසලකා හැරීමට නොහැකිය. ඊට හේතුව මෙම තත්වය දිගුකාලීනව පැවතීම තුළින් මිනිසුන් විවිධ කායික හා මානසික රෝග වලට පමණක් නොව විවිධ ආබාධ වලටද ගොදුරු විය හැකි වීමයි. මානසික ආතතිය නිසා බහුලව හටගන්නා කායික රෝග අතර අධි රුධිර පීඩනය, ද...