LOVE & ATTRACTION
ඔයා දැන් relationship එකක ඉන්නවා නම්, තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියව ආදරෙන් බලා ගන්නවා කියන්නේ දාන දාන ෆොටෝ එකට ලස්සනයි කියන එකවත්, ලස්සනට ඇඳලා ඉන්න වෙලාවට විතරක් ලස්සනයි කියලා ලඟින් ඉන්න එක වත්, තනි වෙලා ඉන්න වෙලාවට එයාව මතක් වෙලා text කරන එකවත්, තමන්ට හැඟීම් ඇවිස්සුනාම සෙක්ස් කරන එක යනාදිය විතරක්ම කරන එක නෙමෙයි. එහෙම දේවල් විතරක්ම ඔයාගේ සම්බන්ධය තුල ඇති වෙනවා නම් ඒක ආකර්ෂණයක් විතරයි, තවත් වචනයකින් කිව්වොත් ආදරය කරන්න දන්නේ නැති, කැපවීමක් කරන්න සූදානමක් නැති මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න විතරක් මේ ආකර්ෂණය පාවිච්චි කරනවා. නමුත් එම ආකර්ෂණය දෙදෙනෙක් අතර තියෙන්නේ ඉතාමත් සුළු කාලයක් පමණයි. මෙය සම්බන්ධය පටන්ගෙන මාස 02ත් - 06ත් අතර කාලයකදී අවසන් වෙනවා. ආකර්ෂණයක් පමණක් ඇති දෙදෙනෙක් අතරේ ආදරයක් හට ගන්න තියෙන හැකියාව බොහොමත් අඩුයි. මොකද ඔවුන් තම සම්බන්ධය තුලදී හිතන්නේ තමාගේ සතුට විතරයි. තමන්ගේ පංචස්කන්ධයට (ඇස, කන, නාසය, දිව, ශරීරය යනාදිය) අනෙක් පුද්ගලයාව දැකීමෙන් පිනවීමක් පමණක් ම ලැබෙනවා නම් එය ආකර්ෂණය හෙවත් attraction එකක් කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් තමන්ගේ පංචස්...