ජීවිතය දැකීම....
අපිට තියෙනකොට නැති යාළුවෝ ඇති වෙනවා.. නිතරම කෝල් කරනවා.. නැති නෑදෑයෝ දුක සැප බලන්න එනවා.. ඕන තරම් අය ණයට දෙන්න ඉන්නවා.. ගමන් බිමන් ආරාධනා එනවා.. පාරට බැස්සත් ඕන කෙනෙක් හිනාවෙලා කතා කරනවා.. යාලුවෝනම් කෙලින්ම අහනවා , උබලට අපිව මතක නෑනේ කියලා.. ලොකු ලොකු මිනිස්සු ආශ්රය කරන්නේ .. ඕන්න ඔහොම .. ආදරේ කරන කෙනාත් එක දිගට මැසේජ් කෝල් දෙනවා.. එයා තරම් කවුරුත් ආදරේ නැහැයි කියලත් කියනවා.. ඔය අතර ඉන්නවා. නරක වැඩ කරද්දි එපා කියන, හැමතිස්සෙම උපදෙස් දෙන යාලුවෙක් දෙන්නෙක් , ටිකක් ලගින් ආශ්රය කරන වැඩිහිටියෙක්, එහෙම අයත් ඉන්නවා.. ඕන්න ඔහොම කාලයක් යද්දි, ආතල් එකේ බැහැපු පල්ලම ඉවරයි.. ආයෙත් කන්ද නගින තැනට ඇවිල්ලා.. ඒ කිව්වේ සල්ලි ඉවරවෙලා,, නිලතල නැතිවීගෙන එනවා.. ඕනම කෙනෙක්ගේ හොද වගේම නරක කාලෙකුත් තියෙනවා.. ඒ නරක කාලෙට, අර මුලින් කිව්ව අය.. එකින් එක ගැලවෙනවා ... ඕන නැති වෙලාවේ මිල මුදල් දෙන්න හදපු අය ලග, ඉල්ලුවත් සතේ නැතිවෙනවා.. පාරේ දැක්කත් අහක බලනවා.. ඔය අතරේ කතා හැදෙනවා, සමාජේ කොන් වෙනවා නිකම්ම.. ඒත් අර උපදෙස් දීපු යාලුවෙක් වැඩිහිටියෙක් ඇරෙන්න, කිසිම කෙනෙක් ලග ඉතුරු වෙන්නේ නෑ.. එයාලා මොන දේ උන...