Saturday, January 4, 2014

ජීවිතය දැකීම....



අපිට තියෙනකොට නැති යාළුවෝ ඇති වෙනවා..
නිතරම කෝල් කරනවා..
නැති නෑදෑයෝ දුක සැප බලන්න එනවා.. 
ඕන තරම් අය ණයට දෙන්න ඉන්නවා..
ගමන් බිමන් ආරාධනා එනවා..
පාරට බැස්සත් ඕන කෙනෙක් හිනාවෙලා කතා කරනවා..
යාලුවෝනම් කෙලින්ම අහනවා ,
උබලට අපිව මතක නෑනේ කියලා..
ලොකු ලොකු මිනිස්සු ආශ්‍රය කරන්නේ ..
ඕන්න ඔහොම ..
ආදරේ කරන කෙනාත් එක දිගට මැසේජ් කෝල් දෙනවා..
එයා තරම් කවුරුත් ආදරේ නැහැයි කියලත් කියනවා..
ඔය අතර ඉන්නවා.
නරක වැඩ කරද්දි එපා කියන,
හැමතිස්සෙම උපදෙස් දෙන යාලුවෙක් දෙන්නෙක් ,
ටිකක් ලගින් ආශ්‍රය කරන වැඩිහිටියෙක්, එහෙම අයත් ඉන්නවා..
ඕන්න ඔහොම කාලයක් යද්දි,
ආතල් එකේ බැහැපු පල්ලම ඉවරයි..
ආයෙත් කන්ද නගින තැනට ඇවිල්ලා..
ඒ කිව්වේ සල්ලි ඉවරවෙලා,,
නිලතල නැතිවීගෙන එනවා..
ඕනම කෙනෙක්ගේ හොද වගේම නරක කාලෙකුත් තියෙනවා..
ඒ නරක කාලෙට, අර මුලින් කිව්ව අය..
එකින් එක ගැලවෙනවා ...
ඕන නැති වෙලාවේ මිල මුදල් දෙන්න හදපු අය ලග,
ඉල්ලුවත් සතේ නැතිවෙනවා..
පාරේ දැක්කත් අහක බලනවා..
ඔය අතරේ කතා හැදෙනවා,
සමාජේ කොන් වෙනවා නිකම්ම..
ඒත් අර උපදෙස් දීපු යාලුවෙක් වැඩිහිටියෙක් ඇරෙන්න,
කිසිම කෙනෙක් ලග ඉතුරු වෙන්නේ නෑ..
එයාලා මොන දේ උනත් ලගින් ඉන්නවා..
කවුරු අයින් කලත්, ඒ අය හැමදාම ලගින් ඉන්නවා..
ආදරේ කරපු අයත්, ඒ වෙද්දි, නොයෙක් ප්‍රශ්න දාලා යන්න ගිහින්..
අඩුම මැසේජ් එකකට උත්තරයක් වත් එවන්නේ නැති තරම්,
ඒ අයත් ඈත් වෙලා ගිහින්..
ඕනම කෙනෙක් ලගින් ඉන්නේ,
අපිට යමක් කමක් තියෙනකම් විතරයි..
ඊට පස්සේ ඒ අයට අපෙන් වැඩක් නෑ..
තමන්ගේ වැඩ කරගන්නකම්,
ලගින් ඉන්නවා..
ඊට පස්සේ මතකයක් පමනයි ඉතුරු වෙන්නේ....

No comments:

Post a Comment