Saturday, January 4, 2014

විවාහය...



මෙලොව මිනිසුන් ගැහැණුන් විවාහ වී සිටින්නේ තමන් වැඩිපුරම කමැත්තක් දැක්වූ පිරිමියා හෝ ගැහැණිය සමගද ??

එක්තරා සරසවියක සිසු සිසුවියන් කණ්ඩාමක් මේ පැණය ඇසුවේ වැඩිහිටි මහාචාර්ය වරයකුගෙන්....

මදක් කල්පනා කල ඔහු සිසු සිසුවියන් අමතා මෙහෙම කිව්ව...


හොදයි ඔබලා අහපු ප්‍රශ්නෙට උත්තරේ මං ප්‍රායෝගිකවම දෙන්නම් කො.. අර ඈතින් පේන ඉරිගු යායට දැන් ඔබ සියලු දෙනාම ඇතුල් වන්න.එහිදී ඔබට හමුවන හොදම ඉරිගු කරල කඩන් එන්න..


මහාචාරය වරයාගේ ප්‍රකාශයෙන් පසු සිසු සිසුවියන් තරගයට මෙන් ඉරිගු යායට ඇතුඵ වී හොදම ඉරිගු කරල් තෝරන්නට පටන් ගත්තා...


බොහෝ දෙනෙක් තමන්ට හමුවූ හොද ඉරිගු කරල් දෙස බලාහිද මදක් කල්පනා කර මීට වඩා හොද කරල් ඉදිරියෙදි හමුවනු ඇතැයි අපේක්ෂාවේ ඉදිරියටම ගියා...
තවත් සමහරැ තමන්ට හමුවුණු පළමු හොදම ඉරිගු කරල කඩා ගත්තා..
තවත් සමහරැ අන් කෙනෙක් මුලින් කඩා ගැනීමට ගොස් පසුව අත් හැර දැමු ඉරිගු කරල් කඩා ගත්තා..
මුලින් මුණ ගැසුණු හොදම ඉරිගු කරල් අත් හැර දැමූ සමහරැ බොහෝ දුරක් ගොස් හති වැටී අර තමන් අත් හැර දැමූ ඉරිගු තරල් සොයා එද්දී එවා වෙන අය විසින් කඩාගෙන ගොස් තිබෙනු දැක දුක් වී ඊළගට අසුවූ කුමක් හෝ ඉරිගු කරලක් කඩා ගත්තා..
එහෙමත් කෙනෙක් වෙනුවෙන් තමා අතහැර දමා ගිය ඉරිගු කරල් ආපසු එද්දී ඒ විදියටම මුණ ගැසුනේ පෙර පිනකට වගේ..

අන්තිමට සිසු සිසුවියන් 100 ම පන්තිට ආවේ ඉරිගු කරල් අතැතිව.. 

මහාචාර්ය වරයා කටහඩ අවදි කලා..

දැන් ළමයි අවංකව කියන්න ඔබ ඔබ අතේ තියෙන්නෙ අර ඉරිගු යායෙදි ඔබට හමුවූ හොදම ඉරිගු කරලද ???


කීප දෙනෙක් උත්තර දුන්නා.. නෑ සර් මට මුළදි හොද ඉරිගු කරළක් හමුවුනා.. ඊට වඩා හොද ඒවා ඇති කියල හිතල ඉදිරියට ගිහින ආයෙ එද්දි අරය ඒ කරල කඩාගෙන..
සමහරැ කදුඵ පිරි දෙනෙතින් එහෙම කිව්වා..... නෑ සර් ඉස්සෙල්ලම මම දැක්ක හොදම කරල නිසා මං කඩා ගත්තා..
පස්සෙ දැක්කෙ සර් ඊට වඩා හොද කරල් තියෙනවා කියලා.. දැන් දුකයි .. ඒත් මොනවා කරන්නද .....
ගොඩ දෙනෙක් කීවෙ දුකින්..... වැඩිපුරම තිබුනෙ ඒ උත්තරේ.. 


මට හම්බ වුනේ මං දැක්ක හොදම ඉරිගු කරල සර්...

එහෙම කිව්වෙ 100 න් දෙතුන් දෙනෙක් විතරයි .. බලන්න ඔබ මේ අතරින් මොන කොටසෙද... ඔබ තෝර ගෙන තියෙන්නෙ හොදම ඉරිගු කරලද..

ඔබ අත් ඇර දැමූ හොදම ඉරැගු කරල වෙන කෙනෙක් නෙළා ගෙනද.. නැත්නම් ඔබ තවමත් ඉරිගු යායේ සැරි සරනවද ??


උපුටා ගැනීමකි...

No comments:

Post a Comment