Sunday, May 1, 2022

සතුට…

කෑ ගහලා අඬන්න හිතෙන වෙලාවකත් දුක තද කරගෙන මුකුත් නොවුන ගානට හිනා වෙන්න පුලුවන් වුන  දාට, 

තමන්ගේ හිතට හොදටම දැනුන කෙනා නැවත එන්නේ නෑ කියලා දැන දැනත් ඔහු හෝ ඇයට එක සිතුවිල්ලකින්වත් වෛර නොකරන දාට,

පිහියෙන් අනින්න තරම් තරහක් තියෙන මිනිස්සුන්ටත් අතට අත දීලා කතා කරන්න, ඔවුන්ට උදවු කරන්න පුලුවන් වුන  දාට, 

තදබල වේදනාවක් විඳිමින්  ඉන්නකොටත් ඔව් මම හොඳින් කියල හිනාවෙලා කියන්න පුලුවන් වුනදාට, 

තමන්ට දහසක් වැරදි කරපු කෙනෙක් උනත් ඔවුන්ට වැටුනම නැගිටින්න අත දෙන්න  පුළුවන් වුන දාට, 

රාත්‍රිය පුරාම කදුලු සලලා ඊලග දවසේ උදේ කිසිම දෙයක් නොවුනු ගානට හිනාවෙලා සතුටින් ඉන්න පුළුවන් වුනදාට,

තමන්ගේ   බත් මුළ කන්න නැති කෙනෙකුට දීලා අනුන්ගෙ බඩක  ගින්න නිවල තමන්ගෙ  බඩගින්න උහුලගන්න පුළුවන් වුන දාට, 

උදවු කරලා හිනාවක්වත් වත් බලාපොරොත්තු නොවී ඉන්න පුළුවන් වුන දාට 

තමන්ව තනි කරල දාලා යන හැමෝටම කට පුරා "ඔබට  සුබ ගමන් "කියල හදවතින්ම කියලා සතුටු වෙන්න පුළුවන් වුන දාට, 

තමන් අඬන ගමන් හරි අනුන්ගෙ කඳුළු පිහදාන්න පුළුවන් වෙච්ච දවසට, 

හැමෝම තමන් වෙනුවෙන් විතරක්ම ජීවත් වෙන මේ පොළවේ, ඔයාගෙ කාලයෙන් මොහොතක් හරි අනිත් අයගෙ සතුට, යහපත  වෙනුවෙන් වැය කරන්න හිත හදාගන්න පුළුවන් දවසට, 

ජීවිතේ කියන්නෙ මොන තරම් සුන්දර දෙයක්ද කියල ඔයාට දැනෙයි. එදාට ඔයාට සැනසීමෙන් නින්ද යයි.

තමන්ගේ ජීවිතයේදී ලබන්න පුළුවන් උපරිම සතුට තමයි කවදා හරි දවසක මුහුණකට හිනාවක් ගේන්න හේතුවක් වීම.  අන්න එදාට තමයි ඔයාට ලස්සනටම හිනා වෙන්න පුළුවන් වෙන්නෙ.

ජීවිතය  කියන්නෙ ඉල්ලා කෑ ගැසිය යුතු "අයිතිවාසිකමක්" නෙමෙයි, ඉටු කරලා නිහඬවිය   යුතු "යුතුකමක්"



No comments:

Post a Comment