Thursday, May 19, 2022

LOVE & ATTRACTION

ඔයා දැන් relationship එකක ඉන්නවා නම්, තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියව ආදරෙන් බලා ගන්නවා කියන්නේ දාන දාන ෆොටෝ එකට ලස්සනයි කියන එකවත්, ලස්සනට ඇඳලා ඉන්න වෙලාවට විතරක් ලස්සනයි කියලා ලඟින් ඉන්න එක වත්, තනි වෙලා ඉන්න වෙලාවට එයාව මතක් වෙලා text කරන එකවත්, තමන්ට හැඟීම් ඇවිස්සුනාම සෙක්ස් කරන එක යනාදිය විතරක්ම කරන එක නෙමෙයි. 

එහෙම දේවල් විතරක්ම ඔයාගේ සම්බන්ධය තුල ඇති වෙනවා  නම් ඒක ආකර්ෂණයක් විතරයි, තවත් වචනයකින් කිව්වොත් ආදරය කරන්න දන්නේ නැති, කැපවීමක් කරන්න සූදානමක් නැති මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න විතරක් මේ ආකර්ෂණය පාවිච්චි කරනවා. නමුත් එම ආකර්ෂණය දෙදෙනෙක් අතර තියෙන්නේ ඉතාමත් සුළු කාලයක් පමණයි. මෙය සම්බන්ධය පටන්ගෙන මාස 02ත් - 06ත් අතර කාලයකදී අවසන් වෙනවා. ආකර්ෂණයක් පමණක් ඇති දෙදෙනෙක් අතරේ ආදරයක් හට ගන්න තියෙන හැකියාව බොහොමත් අඩුයි. මොකද ඔවුන් තම සම්බන්ධය තුලදී හිතන්නේ තමාගේ සතුට විතරයි. තමන්ගේ පංචස්කන්ධයට (ඇස, කන, නාසය, දිව, ශරීරය යනාදිය)  අනෙක් පුද්ගලයාව දැකීමෙන් පිනවීමක් පමණක් ම ලැබෙනවා නම් එය ආකර්ෂණය හෙවත් attraction එකක් කියලා හඳුන්වන්න පුළුවන්.

නමුත් තමන්ගේ පංචස්කන්ධයට (ඇස, කන, නාසය, දිව, ශරීරය යනාදිය)  අනෙක් පුද්ගලයාගේ ඇසුරත් සමඟ සතුටක්, සැහැල්ලුවක් හා මානසික නිදහසක්  යනාදී සියල්ල ලැබෙනවා නම් එය තමයි ආදරය. මෙවැනි relationship එකක් තුලදී ඔබ සෑම හිතන්නේ තමාගේ සතුටට වඩා තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියගේ සතුට. ඔවුන්ව හැම වෙලාවකම සතුටින් තියන්නේ කොහොමද කියල හිතනවා නම් එතන තියෙන්නේ ආදරය.

අනිත් මනුස්සයා මානසිකව වැටිලා ඉන්න වෙලාවට ඒක තේරුම් අරගෙන ඒ මනුස්සයා තව තවත් මානසිකව වට්ටන්නේ නැතුව ඉන්න එක, අනිත් මනුස්සයා හැමෝගෙන්ම ඈත් වෙලා දුකින් ඉන්නවා නම් එයාව සතුටින් තියන්න සහ හිනස්සන්න උත්සාහ කරන එක, තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය පරිස්සමින් ගෙදර ගියාද නැද්ද කියලා බලන එක, අසනීප වුනාම  බෙහෙත් ගත්තද බෙහෙත් බිව්වද, කෑවද නැද්ද කියලා හොයලා බලන එක. තමන්ගේ අතින් ආදරවන්තයා හෝ ආදරවන්තියට කෑම වේලක් හදලා දීම, නිවාඩු දවසට තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ගැන හොයලා බලන එක, ඔහු හෝ ඇයව නිරතුරු හමු වී කතා බස් කරන එක. අඩුම ගානේ හමු වෙන්න බැරි දුරක ඉන්නවා නම් දුරකථන ඇමතුමක් වත් දීලා කතා කරන එක තමයි ආදරය විදියට මම දකින්නේ.මොකද සන්නිවේදනයක් හා අදහස් හුවමාරු කිරීමක් නැති තැනක කවදාවත් ආදරයක් රඳා පවතින්නේ නෑ..

තව දෙයක් තමයි තමන් හිතනවා තමන් අනෙක් පුද්ගලයාට ආදරය කරනවා, නමුත් තමන්ගේ හැඟීම් අනෙක් පුද්ගලයා සමඟ බෙදා ගන්නේ නැති එක. එයට කියන්නේ ආදරය නෙමෙයි, ඒකට කියන්නේ ගුප්ත බව. තමන් කෙනෙක් ට ආදරය කරනවා නම් හොඳ හා නරක යන සියල්ල තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ නොසඟවා පවසන්න සුදානමක් ඔබ වෙත තිබිය යුතුයි.

කවදාවත් තමන්ගේ පාළුව මකා ගන්න කෙනෙක් ට ලං වෙන්න උත්සාහ කරන්න එපා. තමන්ට කැපවීමක් කරන්න බැරි නම් තව කෙනෙක්ට ලං වෙන්න උත්සාහ කරන්න එපා. ඔබ විසින් ඔබගේ ඇස් ආරක්ෂා කරනවා වගේ ඔබගේ  ආදරවන්තයා හෝ ආදරවන්තිය ආරක්ෂා කරන්න සුදානමක් තිබීම අනිවාර්යයි.

එසේ නොමැති නම් ඔබ මුලින්ම තීරණය කරන්න ඔබට වුවමනා ආදරයක් ද එහෙමත් නැත්නම් ආකර්ෂණයක් ද යන්න. එසේ තීරණය කරන අතරතුර මෙයත් හොඳින් වටහා ගන්න; ඔබ කෙතරම් ආකර්ෂණයන් පසුපස හඹා ගියත් එය අස්ථිර සහ කෙටි කාලීන බව. ඔබ ආදරය නිසි පරිදි ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තියට ලබා දුන්නොත් ඔබටත් ඒ ආකාරයෙන් ම ආදරය ලැබෙනු ඇති බවත්.


No comments:

Post a Comment