Friday, September 30, 2022

මේ හැම දෙයක්ම වෙන්නේ හොදට


මේ හැමදේකම අවසානයක් තියෙනවා. අපි සුන්දරයි කියලා හිතන දේවල් වුනත් දවසක අපට අහිමිවෙනවා... ජීවිතේ ලගින්ම හිටිය යාළුවෝ කාලෙකදී වෙනස් වෙනවා, හොදම යාළුවෝ අවාසනාවන්ත ලෙස මිය යනවා, පණ වගේ ආදරේ කරපු අය වෙන් වෙනවා, සමහරු තරහා වෙලා පලි ගන්නවා, අදුනන්නේ නැති ගානට අහක බලාගෙන යනවා, ඉස්සර එක කෝල් එකක් එනකල් මග බලාගෙන හිටිය අපි දැන් ඒ කෙනා උන්නා මලාද කියලා වත් බලන්නේ නැති ගානට පත් වෙනවා. ඒත් එහෙම වුනා කියලා අපට ඒ දේවල් පරණ මතක අමතකවෙලා යන්නෙ නෑ...ජීවිතේ ඇතුලෙ අපි ගෙවන හැම මොහොතක් තුලම සුන්දර මතකයක් තියෙනවා... හොදට මතක් කරලා බලන්න සමහර perfume එක්ක බැදුනු මතක තවමත් හිතේ සක්මන් කරන විදිහ.

ඉතින් ජීවිතය අපට අහිමිකරන දේවල් අපිව මොනතරම් බිඳවනසුලු වුනත්,මොනතරම් සංකීර්ණ වුනත්,මොනතරම් අවුල් සහගත වුනත්,ඒ හැමදේම දවසක ඉවරයක් වෙනවා... කවදා හරි අපි මේ හැම දෙයක්ම දාලා යන්නම යනවා.

අහිමිවීම නිසා ඇතිවෙන තුවාල සුවවෙන්න කාලයක් ගතවෙනවා තමයි...අපිට නොදැනිම අපි ඒ හැම අහිමිවීමකින්ම මොනවා හරි පාඩමක් ඉගෙන ගන්නවා. හැම බැදීමකම සතුට හා දුක යන දෙකම මුසු වෙලා තමයි ගලාගෙන යන්නේ. බොහෝමයක් සම්බන්ධතා ඉවර වෙන්නේ දුක හා කේන්තිය අතර දෝලනයක් එක්ක. ඒත් එහෙමයි කියලා අපේ ජීවත වලට ආයෙම සුන්දර මුණගැසීම් හමුනොවී තියෙන්නෙ නෑ...

අත්දැකීම් කියන්නෙ ජීවිතේ අපට උගන්නන පාඩම් වලට වගේම වෙන්වීම් කියන්නෙ අලුත් මුණගැසීම්වලට කැපෙන පාරවල්...ඉතින් කවදාවත් වෙන්වීමක් ලඟ බලාපොරොත්තු කඩකරගන්න එපා...මොකද හැම අවසානයක් ලඟම සුන්දර මුණගැසීමක් ඉබේටම ලියවෙනවා... සමහරවිට එක් දෙයක අවසානය නිසා ඔබට දුකක් වගේ හැගෙන දෙයක් ඇත්තටම බැලුවොත් ඉදිරියේදී ඔබව සතුටින් සහ සැහැල්ලුවෙන් තියන දෙයක් වෙන්නත් පුළුවන්. මොකද මේ හැම දෙයක්ම වෙන්නේ හොදට.

No comments:

Post a Comment