Wednesday, May 11, 2022


කෙනෙක් තම හිතවතුන්ගෙන් ඈත්වී, නිහඬව පැත්තකට වී සිටින්නේ නම්, ඔහුට හෝ ඇයට කීමට බොහෝ දේ ඇත. 

නමුත් ඔවුන් තම හිතේ ඇති දේ සිර කරගෙන නොකියා සිටින්නේ, 

  • ඔවුන්ගේ සිතේ තිබෙන දේ පිළිබඳව අනෙක් පුද්ගලයන්ට පැවසීමට පටන් ගන්නේ කෙසේදැයි නොවැටහෙන නිසා හෝ, 
  • තමන් පවසන්නට යන දේ පිලිබඳ වැරදි අවබෝධයක් ඇති කර ගනී යැයි සිතා හෝ, 
  • තමා කෙසේ පැහැදිලි කලත් එය අනෙක් පුද්ගලයා නොවටහාගන්නා නිසාවෙනි.

එබැවින් සෑම විටම නිහඬ වී හෝ තනිවී සිටීමට උත්සාහ කරන පුද්ගලයන් වෙත අවධානය යොමු කරන්න. 

බොහෝ පුද්ගලයන් තම සිය දිවි නසා ගන්නේ කීමට බොහෝ දේ ඇති නමුත් අසන්නට කෙනෙක් නොමැති නිසාවෙනි. මෙය මානසික අවපිඩනයේ  (depression) ලක්ෂණයක් වන බැවින් ඔබගේ විමසිලිමත් බව සහ ඇහුම්කන් දීම මගින් ජිවිතයක් වුවද බේරා ගැනීමට හැකි වනු ඇත. එබැවින් සෑම විටම තම හිතාදරයන් පිලිබඳ, සහ ඔවුන්ගේ හැසිරීම පිළිබඳව හොඳින් අවධානය යොමු කරන්න. 


No comments:

Post a Comment